අන්තර්ජාල වෙළෙඳ පොළෙහි ආධිපත්‍යය අනිසි ලෙස භාවිත කරන බවට ගූගල් සමාගමට චෝදනා කළ ප්‍රංශයේ නියාමකයන් විසින් ඉල්ලා සිටි විසඳුමක කොටසක් ලෙස, දළ වශයෙන් ඇ.ඩො.මිලියන 270ක දඩ මුදලක් ගෙවීමටත්, ඇතැම් ව්‍යාපාරික භාවිතයන් වෙනස් කිරීමටත් ගූගල් සමාගම එකඟ වී තිබේ.
ලොව පුරා බොහෝ වෙබ් දැන්වීම් විකිණීම මත විශ්වාසය තබන වේදිකාවක් වන ගූගල්හි මාර්ගගත වෙළඳ ප්‍රචාරණ යටිතල ව්‍යුහය විදෙස් නියාමකයෙකු විසින් සෘජුවම ඉලක්ක කරගත් පළමු වැනි අවස්ථාව මෙය බව කියයි.
කෙසේ වෙතත් මෙම දඩය ගූගල් සමාගමේ සමස්ත ව්‍යාපාරයට සාපේක්ෂව සුළු මුදලක් වන්නේ, එහි මව් සමාගම වන ඇල්ෆාබෙට් පසුගිය වසරේදී ඇ.ඩො.බිලියන 41ක් උපයා ඇති බැවිනි. නමුත් ප්‍රංශ බලධාරීන් ගූගල් වෙතින් ලබාගත් මෙම වන්දිය ගැන ප්‍රශංසා කළේ සමාගමේ ව්‍යාපාර හදවතේ ඇති තාක්ෂණයට හා ඉදිරි භාවිතයන්ට එව බලපාන බැවිනි.