අභ්‍යවකාශයේ පහළ කක්ෂයක ගමන් කළ භාවිතයෙන් ඉවත් කළ ඉන්දියානු චන්ද්‍රිකාවක් මිසයිල අත්හදා බැලීමක් සමග සාර්ථකව පුපුරුවා හරිමින් අභ්‍යවකාශයේ බලයද ඉන්දියාව තවදුරටත් ශක්තිමත් කර ඇති බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවසයි.
ඊයේ (27දා) හදිසියේම ජනතාව අමතමින් ඉන්දීය අගමැතිවරයා මෙම අදහස් දැක්වීම සිදුකළත්, මෙය එලැඹෙන ඉන්දීය මහ මැතිවරණය ඉලක්ක කළ ප්‍රවර්ධන වැඩසටහනක් බවද බොහෝදෙනා පවසා තිබුණි.
මෙම සාර්ථක මෙහෙයුමත් සමග අභ්‍යවකාශයේ මෙවැනි සුවිශේෂී ක්‍රියාකරකම් කිරීමට හැකි රාජ්‍යයන් කිහිපය අතරට ඉන්දියාවත් එක්ව ඇති බව නරේන්ද්‍ර මෝදි පවසා සිටියේය.
මෙම ජනතා ඇමතීමට පෙර ට්විටර් පණිවුඩයකින් තමා අද දිනයේ ජනතාව අමතන බවට ඔහු කියා තිබුණත්, එහිදී කුමන කරුණක් සම්බන්ධයෙන් කතා කරන්නේද යන්න නොදක්වා තිබුණි.
ප්‍රති චන්ද්‍රිකා මිසයිලයක් ලෙස නිර්මාණය කර තිබූ මෙවැනි මිසයිල තාක්ෂණයක් දැනට ඇමෙරිකාව, චීනය සහ රුසියාවට පමණක් ඇති බව මෝදි කියයි.
මේ තුළින් ඉන්දියාව බලවත්, තවදුරටත් ආරක්ෂිත සහ සාමය හා නිදහස සපිරි රාජ්‍යයක් බවට පත්වනු ඇති බවද අගමැති නරේන්ද්‍ර මෝදි අවධාරණය කළේය.