බ්‍රිතාන්‍යයේ කාර්ඩිෆ් සිටි පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩක එමිලීනෝ සාලා සමග ඉංග්‍රීසි ඕඩයේදී අතුරුදන් වූ යානය සොයා සිදුකළ සෝනාර් මෙහෙයුම්වලදී එහි සුන්බුන් හමුවී තිබේ.
පසුගිය ජනවාරි 21දා මෙම ක්‍රීඩකයා ගමන්ගත් යානය හදිසියේම රේඩාර් තිරයෙන් අතුරුදන් වූ අතර, එම අවස්ථාවේදී ඔහුට අමතරව යානයේ නියමුවා පමණක් එහි ගමන් කරමින් සිටියේය.
එහිදී, යානය සොයා මූලික මෙහෙයුම් සිදුකළද එය හමු නොවීමෙන් ජිඕ ඕෂන් 3 යාත්‍රාව යොදාගනිමින් සාගර අභ්‍යන්තරයේ මෙහෙයුමක් ඇරඹීය. ඒ අනුව, සෝනාර් විශ්ලේෂණයක් මගින් යානය පිළිබඳ හෝඩුවාවක් සෙවීමේදී මෙසේ ඉංග්‍රීසි ඕඩයේ සාගර පතුලෙන් යම් විශේෂ වස්තුවක් පිළිබඳ තොරතුරු ලැබී තිබේ.
පසුව දුරස්ථ පාලකයක් මගින් ක්‍රියාකරන කුඩා රොබෝ සබ්මැරීනයක් ඒ වෙත යවා පරීක්ෂා කිරීමේදී, පපිබර් මලීබූ යානයේ සුන්බුන් හමුවූ බව මෙම මෙහෙයුම සිදුකළ පිරිස් පවසති.
28 හැවිරිදි වියේ පසුවූ පාපන්දු ක්‍රීඩකයා සමග අනතුරින් ජීවිතක්ෂයට පත්වූයේ යැයි විශ්වාස කෙරෙන ගුවන් නියමුවා 59 හැවිරිදි ඉබොස්ටොන් ය.
ඒ අනුව, තවදුරටත් රොබෝ සම්බැරීන යන්ත්‍ර යොදා ගනිමින් මෙම යානයේ සුන්බුන් පවතින ස්ථානය වැඩිදුර පරීක්ෂාවකට ලක්කරන බව සඳහන් වෙයි.
කෙසේ වෙතත්, මෙම මෙහෙයුමේ මීළඟ පියවර ලෙස එම යානයේ සුන්බුන් සාගර පතුළෙන් ඉහළට ගැනීමක් සිදුකරන්නේද නැද්ද යන්න පිළිබඳව ඉදිරියේදී තීරණය කෙරෙනු ඇති බව කියැවෙයි.