ඇතැම් පූජකයින් විසින් කන්යා සොයුරියන්ව ලිංගිකව අපයෝජනය කර ඇතැයිද, එක් අවස්ථාවක ඔවුන්ව ලිංගික වහලුන් ලෙස යොදාගෙන ඇතැයිද පළමු වැනි ෆ්රැන්සිස් පාප් තුමන් ප්රථම වරට හෙළිකරනු ලැබීය.
හෙතෙම සඳහන් කර ඇත්තේ, එලෙස පූජකයන් අතින් අපයෝජනයට ලක්වූ කන්යා සොයුරියන්ගෙන් සැදුම් ලත් පර්ශදයක් වසා දැමීමට, තමාට පෙර සිටි බෙනඩික්ට් පාප් තුමන්ට සිදුවූ බවය.
මෙම අර්බුදයට විසඳුම් සෙවීමට කතෝලික සභාව උත්සාහ කළත් එය තවදුරටත් ක්රියාත්මක වන බවද පාප් තුමන් සඳහන් කරති.
පූජකයින් මෙන්ම රදගුරුවරුන්ද කන්යා සොයුරියන් අපයෝජනය කර ඇති බවත්, මේ සම්බන්ධයෙන් කතෝලික සභාව දැනුවත් බවත් පාප් තුමන් සඳහන් කරති.
"අපි දැනටමත් ඒ මාර්ගයේ ක්රියා කරමින් සිටිනවා. කන්යා සොයුරියන් සිටි පර්ශදයක් විසුරුවා හැරීමට තරම් බෙනඩික්ට් පාප් තුමාට ධෛර්යය තිබුණා. ලිංගික වහල්භාවය දක්වා වූ තැනකට එය පැමිණ තිබුණා." ෆ්රැන්සිස් පාප් තුමන් වැඩිදුරටත් පවසා සිටියහ.