නිරෝගී දිවියක් බලාපොරොත්තුවෙන් පලතුරු සාරය ශරීරයට එන්නත් කරගත් චීන ජාතික කාන්තාවක අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කර තිබේ.
51 හැවිරිදි වියේ පසුවන මෙම කාන්තාව මෙසේ පලතුරු සාරය එන්නත් කරගැනීමෙන් ඇගේ අක්මාවට, හදවතට සහ පෙනහළු වෙත දැඩි බලපෑමක් සිදුව ඇති බවත්, ඇය දින 5ක් පුරා හදිසි ප්‍රතිකාර ඒකකයේ රැඳී සිටින බවත් සඳහන් වෙයි.
ඇය ප්‍රතිකාර ලබන රෝහලේ ප්‍රකාශිකාවක සඳහන් කර ඇත්තේ මෙම කාන්තාව පලතුරු වර්ග 20ක පමණ සාරය මෙසේ ශරීරයට එන්නත් කරගෙන ඇති බවයි.
මෙම කාන්තාවට අවම සෞඛ්‍ය දැනුමවත් තිබුණේ නම් මෙවැන්නක් සිදුකර නොගන්නා බව චීනයේ සමාජ මාධ්‍ය පරිශීලකයෝ පවසති.