නයිජීරියාවේ ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය තවත් සතියකින් කල් දැමීමට එරට මැතිවරණ බලධාරීන් කටයුතු කර තිබේ.
අද (16දා) මැතිවරණය ආරම්භ වීමට පැය 5ක කාලයක් තිබියදී නයිජීරියාවේ ස්වාධීන ජාතික මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් මෙම කල්දැමීම සිදුකර ඇත.
නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් මෙම හදිසි තීරණය ගත් බව මැතිවරණ කොමිසයේ සභාපතිවරයා පවසා තිබුණි.
ඒ අනුව, පෙබරවාරි 23දා යළිත් වරක් ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණයට දින නියම කිරීමට එම කොමිසම කටයුතු කර තිබේ.
නයිජීරියාවේ, අබූජා අගනුවරදී මැතිවරණ කොමිසම පැවැත්වූ හදිසි සාකච්ඡාවකින් පසුව මෙම තීරණයට එලඹ තිබුණි.