නයිජීරියාවේ, ලාගෝස් දූපතේ පාසල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් මියගිය සිසුන් සංඛ්‍යාව 10ක් බවත්, තවත් සිසුන් පිරිසක් සුන්බුන් අතර සිරවී සිටින නිසා මරණ සංඛ්‍යාව වැඩිවිය හැකි බවද විදෙස් වාර්තා පවසයි.
ලාගෝස් දූපතේ, ඉටා ෆාජි නගරයේ මහල් තුනකින් යුතු ගොඩනැගිල්ලක උඩු මහලේ මෙම පාසල පවත්වාගෙන ගොස් ඇති අතර, එම අවස්ථාවේදී එහි පාසල් සිසුන් 100කට වැඩි පිරිසක් සිට ඇති බව බලධාරීහු පවසති.
එහිදී, සිසුන් 40කට ආසන්න පිරිසක් නිරුපද්‍රිතව බේරාගැනීමට හැකිවී තිබුණත්, ඉතා දුෂ්කර අන්දමින් මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් සිදුවන බව බලධාරීහු පෙන්වා දෙති.
මුදාගැනීමේ මෙහෙයුම්වලට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ පිරිස් දැකගත හැකි බවත්, දරුවන්ගේ ඥාතීන් එම ස්ථානයට පැමිණ විලාප නගමින් එකම මළගෙයක් බවට එය පත්ව ඇති බවත් විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.