නොමිලේ ලබාදෙන ආහාර කූපනය ලබාගැනීමට උත්සාහ කිරීමේදී තෙරපීමකට ලක්වීමෙන් මැලේසියාවේ වැඩිහිටි කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම නොමිලේ ලබාදෙන ආහාර කූපන් 200ක් පමණක් ඒ අවස්ථාවේ තිබී ඇති අතර, මෙම කූපන් ලබාගැනීම සඳහා 1,000කට ආසන්න පිරිසක් පැමිණ ඇත.
ක්වාලලම්පූර් නගරයේ, පූඩු දිස්ත්රික්කයේදී මෙම කූපන් ලබාදීම සිදුවීමේදී මෙම විශාල පිරිස කුඩා කූපන් ප්රමාණය ලබාගැනීමේදී දැඩි තෙරපීමකට ලක්ව තිබේ.
මියගිය කාන්තාවන් 78 හැවිරිදි ලෝ ඉඕන් නැන්ග් සහ 85 හැවිරිදි අහ් පොහ් ලෙස හඳුනාගෙන ඇති අතර, මෙම තෙරපීමේදී හුස්ම ගැනීමට අපහසු වීමෙන් ඔවුන්ගේ දිවි අවසන් වී ඇති බව පොලීසිය කියයි.