ජනෙල් නොමැති හුදකලා කාමරයක රඳවා සිටි 21 හැවිරිදි නේපාල ජාතික තරුණියක් සීතල තුරන් කරගැනීමට ගිනි දැල්වීමෙන් පසු ඇති වූ දුමාරයෙන් හුස්ම හිරවී ජීවිතක්ෂයට පත්ව තිබේ.
මේ ආකාරයෙන්, හුදකලා කාමර තුළ තරුණ යුවතියන් රඳවා තැබීම නේපාලයේදී සිදුවන්නේ, එම යුවතියන්ගේ ඔසප් කාලයේදී සහ ඔවුන් දරුවෙකු වැදූ පසුවය. එම ඔසප් සමය අපිරිසිදු කාලයක් ලෙසත්, ගැහැණියක දරුවෙකු වැදූ සැණින් ඇය අසුබ ලකුණක් කැඳවාගෙන එන බවටත් මිත්යා විශ්වාසයක් පවතී.
ඒ අනුව යමින් මෙම යුවතියවද මෙසේ හුදකලා කාමරයේ රඳවා තබා ඇති අතර, ඇයගේ ඔසප් සමය අවසන් වූයේ දැයි පරීක්ෂා කිරීමට නැන්දම්මා ගිය අවස්ථාවේදී ඇය මියගොස් ඇති බව දැක තිබේ.
නේපාලයෙ දෝති දිස්ත්රික්කයේ මීට සතියකට පෙරද මෙවැනිම සිදුවීම් වාර්තා වී ඇති බව පොලීසිය සඳහන් කරන අතර, මේ සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරීක්ෂණ සිදුවන බවද කියයි.