වයඹදිග නේපාලයේ හිමාලයානු කඳුකරය ආශ්රිතව හදිසියේ ඇති වූ හිම කුණාටුවකින් හා හිම කඳු නායයෑමකින් පුද්ගලයන් 6 දෙනෙකු අතුරුදන්ව ඇතැයි බලධාරීහු පවසති.
සිකුරාදා අධික හිම පතනයෙන් පසු ඇනපූර්නා කලාප කඳවුර අසල මෙම හිම කුණාටුව හා හිම කඳු නායයෑම සිදුව ඇත.
අතුරුදන් වූවන් අතර දකුණු කොරියානුවන් සිව්දෙනෙකු සිටින අතර, ඔවුන් සියලු දෙනා ස්වෙච්ඡා ගුරුවරුන් බව කියයි. එමෙන්ම නේපාලයේ ෂෙර්පාවරු දෙදෙනෙකුද මෙහිදී අතුරුදන්ව තිබේ.
තවත් කඳු නගින්නන් කිහිපදෙනෙකු මෙම හිම කුණාටුවෙන් බේරාගැනීමට හැකිවී ඇත. මේ අතර, ගලවා ගැනීමේ මෙහෙයුමක් ක්රියාත්මක වෙමින් පවතින නමුත් අයහපත් කාලගුණික තත්ත්වයන් සහ උෂ්ණත්වය පහත වැටීම උත්සාහයන්ට බාධාවක් වී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.