දකුණුදිග නේපාලය හරහා හමාගිය දරුණු කුණාටුවක් හේතුවෙන් පුද්ගලයන් 30දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම අයහපත් කාලගුණික තත්ත්වයෙන් නිවාස රැසක් විනාශ වී ඇති අතර, මෝටර් රථ උඩු යටිකුරුව වීසිවී ගිය බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
මේ වනවිට නේපාල විශේෂ බලකාය සිද්ධිය වූ ප්‍රදේශය වෙත පිටත්කර යවා ඇති අතර, ඔවුන් මුදාගැනීමේ සහ සහන මෙහෙයුම්වල නිරතව සිටිති.
වසරේ මෙම කාලසීමාවේදී නේපාලයේ දැඩි වර්ෂාපතනය සාමාන්‍ය තත්ත්වයක් වුවත්, මෙවැනි දරුණු කුණාටු තත්ත්වයන් කිසිදු දිනක අත්නොවිඳි බව එම ජනතාව පවසයි.