නත්තල් දින රාත්‍රිය ගෙවී යද්දී බ්‍රිතාන්‍යයේදී ස්වීඩන් ජාතිකයෙකුට ඔහුගේ පවුලේ අය ඉදිරිපිටදී පහර දී ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.
ෆ්ලමූර් බෙකිරි නිරිතදිග ලන්ඩනයේ බැටර්සියා පල්ලිය පාරේදී ග්‍රිනීච් වේලාවෙන් රාත්‍රී 21:00 ට පමණ ඝාතනයට ලක්ව ඇති බව කියයි.
අසල්වැසියන් විස්තර කළේ වෙඩි පහරවල් කිහිපයක් ඇසුන බවත්, පසුව කාන්තාවක් උදව් ඉල්ලා ලතෝනි නැගූ බවත්ය.
පොලිසියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මේ ආකාරයෙන් තම සමීපතමයන් ඉදිරියේදීම පුද්ගලෙයකු ඝාතනයට ලක්වීම අතිශය බිහිසුණු සිදුවීමක් බවයි.
කුඩා දරුවෙකුගේද පියෙකු වන ඔහු මේ ආකාරයෙන් ඝාතනයට ලක්ව ඇති අතර, ඔහු බ්‍රිතාන්‍යයේ පදිංචිව සිට ඇති බව කියැවෙයි.