පිරිසක් පැමිණ තමන් දූෂණය කිරීමට උත්සහ කළ අවස්ථාවේ විරෝධය පෑම නිසා දඬුවමක් වශයෙන් ඊට ගොදුරු වූ මවකගේ සහ ඇගේ දියණියගේ හිස බූ ගෑමේ සිද්ධියක් ඉන්දියාවේ බිහාර් ප්රාන්තයෙන් වාර්තා වේ.
මෙම මව සහ දියණිය දූෂණයට ලක් කිරීමේ අරමුණින් ප්රාදේශීය නිලධාරියෙකු ඇතුළු කණ්ඩායමක් ඔවුන් විසූ නිවසට කඩාවැදී ඇති බව පොලීසිය පවසයි.
එහිදී කාන්තාවන් දෙදෙනාගේ විරෝධය එල්ල වීමත් සමග ඔවුන්ට පහර දී ඇති පුරුෂයන් මව සය දියණියගේ හිස බූ ගා ගම වටා රැගෙන ගොස් ඇති බවද පොලීසිය කියයි.
ඒ අනුව, සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඊට සම්බන්ධ තවත් සැකකරුවන් පස් දෙනෙකු සොයමින් සිටින බව පොලිසිය පවසයි.
අතවර කිරීමට උත්සහ දැරීම ඉන්දියාවේ නීතියට අනුව ලිංගික අපරාධයක් වන අතර, මෙවැනි ස්ත්රී දූෂණයන් නිසා ඉන්දියාව පසුගිය කාලය පුරා දැඩි කතාබහට ලක්වන රටක් බවට පත්ව තිබේ.