ඇමෙරිකානු දේශසීමා ආරක්ෂණය වෙනුවෙන් අරමුදල් සැපයීම සඳහා ප්‍රතිපත්ති මත යම් එකඟත්වයකට පැමිණීමට ඩිමොක්රටික්වරු සහ රිපබ්ලිකන්වරු සමත්ව තිබේ.
මේ අනුව, තවදුරටත් ඇමෙරිකානු රජය තාක්ෂණික ලෙස අක්‍රීයවීම වැළැක්වෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව, මෙක්සිකානු දේශසීමාවේ ට්‍රම්ප් විසින් ඉදිකරන බවට පොරොන්දු දුන් තාප්පයට අවශ්‍ය අරමුදල්වලින් කොටසක් ලබාදීමේ එකඟත්වයකට පැමිණ ඇති අතර, එය කොන්ක්‍රීට් තාප්පයක්ද යන්න සඳහන්ව නොමැත.
කෙසේ වෙතත්, මෙම එකඟත්වය ඇමෙරිකානු කොංග්රස් මණ්ඩලය විසින් අනුමත කළ යුතු අතර, පසුව ජනපති ඊට අත්සන් යෙදීමෙන් පසුව මෙම එකඟත්වය සක්‍රීය වනු ඇත.
මේ සම්බන්ධයෙන් සෘජු අදහසක් ඉදිරිපත් නොකළත්, ජනපති ට්‍රම්ප් පවසා තිබුණේ කෙසේ හෝ ඔවුන් තාප්පය ඉදිකරන බවකි.