ආර්ජන්ටිනාවේ සහ උරුගුවේ රාජ්‍යයන්හි මිලියන ගණනාවක ජනතාවක් අපහසුතාවට පත්කළ විදුලිය බිඳ වැටීම යථාතත්ත්වයට පත්කර ඇති බව වාර්තා වෙයි.
ඊයේ (16දා) සිදුවූ මෙම හදිසි විදුලිය බිඳ වැටීම ආර්ජන්ටිනා වේලාවෙන් පෙ.ව.7.00 ට පමණ සිදුවූ අතර, මේ හේතුව නිසා විදුලි දුම්රිය ධාවනය සම්පූර්ණයෙන් ඇණ හිටියේය. එමෙන්ම, මාර්ග සංඥා ක්‍රියාත්මක නොවීමෙන් දැඩි අපහසුතාද ඇති විය.
ආර්ජන්ටිනාවට සහ උරුගුවේ රාජ්‍යට බලපාන විදුලි පද්ධතියක බිඳ වැටීමක් මීට හේතු වී ඇති බව විශ්වාස කරන අතර, මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදුකරන බව ආර්ජන්ටිනා ජනපති මාර්සියා පවසයි.
ආර්ජන්ටිනාවේ පළාත් මැතිවරණයක් ආරම්භ වීමත් සමග මෙම විදුලිය බිඳ වැටීම සිදුවූ අතර, මේ හේතුනේ පළාත් කිහිපයකම ඡන්දය ප්‍රකාශ කිරීම පමා කිරීමටද බලධාරීන්ට සිදුවිය.
මෙම විදුලිය බිඳ වැටීම පැරගුවේ සහ චිලී රාජ්‍යයේ කොටස් කිහිපයක් වෙතද බලපා ඇති බව වාර්තා වෙයි.