ඉන්දියාවේ දිල්ලි නුවර හෝටල් සංකීර්ණයක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
සිද්ධිය ඇසින් දුටුවන් පවසා සිටියේ, කාන්තාවක හා කුඩා දරුවෙකු ජනේලයකින් පිටතට පැණීමට උත්සාහ කළ අවස්ථාවේදී ඉන් බිමට වැටී ජීවිතක්ෂයට පත්වූ බවයි.
ගිනි නිවන හමුදාව සහ ආරක්ෂක අංශ ඉදිරිපත්ව පුද්ගලයන් 35 දෙනෙකු බේරාගැනීමට සමත්ව ඇති අතර, එහිදී තුවාල ලබා සිටි පිරිස් රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ.
කැරොල් බාග් ප්‍රදේශයේ ස්ථාපිත ආර්පිත් හෝටලය මෙසේ ගින්නට හසුව ඇති අතර, මෙම ප්‍රදේශයේ පවතින මිල අඩු හෝටල් සංචාරකයන් අතරද ප්‍රසිද්ධියක් ගෙන තිබේ.
ගින්නට හේතුව සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙන අතර, විදුලි කාන්දුවක් ඊට හේතුවූ බවටද විශ්වාස කෙරෙයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිය කනගාටුව ප්‍රකාශ කර ඇත.