සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගිය අසත්‍ය පුවතක් නිසා ප්‍රංශයේ ජන ප්රජාවකට ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
සුදු පැහැති වෑන් රථයකින් පැමිණ දරුවන් පැහැර ගන්නා බවට පළ වූ මෙ අසත්‍ය ප්‍රවෘත්තිය නිසා පහරකෑමට ලක්ව ඇත්තේ එරට ජීවත්වන රෝමා ජන ප්රජාවයි.
මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ පොලීසිය පවසා තිබුණේ, ඔවුන්ට එවැනි දරුවන් පැහැර ගැනීමක් හෝ සුදු වෑන් එකක් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් හමු නොවූ බවයි.
නමුත්, පොලු මුගුරුවලින් රෝමා ජන ප්‍රජාවට පහර දුන් පුද්ගලයන් 20 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන තිබුණි.
මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පළ කෙරුණු ඇතැම් ඡායාරූප ඉතා පැරණි සිදුවීම් කිහිපයක ඡායාරූප බවත්, මෙවැනි වෑන් රථ භීතිය නාගරික මිථ්‍යාවක් බවත් එරට මාධ්‍යවල සඳහන් කෙරිණි.