තායිලන්තය තුළ 2014 වසරේ ඇති වූ හමුදා කුමන්ත්රණයෙන් පසුව එරට පැවැත්වෙන ප්රථම මහ මැතිවරණයට ජානතාව උනන්දුවෙන් සහභාගී වී තිබේ.
බලයෙන් පහ කෙරුණු අගමැති තක්ෂින් ෂිනවත්රාගේ පාර්ශ්වය සහ බලයේ රැඳුණු හමුදා පාලකයන්ගේ පාර්ශ්වය අතර පැවති මතභේදාත්මක තත්ත්වය හේතුවෙන් තායිලන්තය වරින් වර දේශපාලන අස්ථාවරත්වයන්ට මුහුණ දුන්නේය.
කෙසේ වෙතත්, බලය සියතට ගැනීමෙන් පසුව හමුදා පාලනය කියා සිටියේ රට තුළ නීතිය හා ප්රජාතන්ත්රවාදය යළිත් ස්ථාපිත කරන බවයි. නමුත්, ඔවුන් දිගින් දිගටම ඡන්ද කල්දැමීම සිදුකළේය.
නමුත්, අවසනයේදී ජනතාව බලාපොරොත්තු වූ ඡන්දය ආරම්භ වී ඇති අතර, මෙවර මහ මැතිවරණයට ඡන්ද දායකයන් මිලියන 50ක් සුදුසුකම් ලබා ඇති අතර, ඡන්දය ප්රකාශ කිරීම 80% ඉක්මවනු ඇති බව මැතිවරණ බලධාරීහු පවසති.