තුර්කියේ, ඉස්තාන්බුල් නගරයේ මහල් 8ක නිවාස සංකීර්ණයක් කඩා වැටීමෙන් එක් පුද්ගලෙයකු ජීවිතක්ෂයට පත්ව, තවත් පිරිසක් සුන්බුන්වලට යටවී සිටින බව විශ්වාස කෙරෙයි.
කාර්ටල් දිස්ත්‍රික්කයේ සිදුවූ මෙම හදිසි අනතුරෙන් පසුව ආපදාවට ලක්වූවන් බේරාගැනීම සඳහා මුදාගැනීමේ කණ්ඩායම් යොදවා තිබේ.
වාර්තාවන්ට අනුව පුද්ගලයන් 4 දෙනෙකු අතුරුදන්ව ඇති අතර, මෝටර් රථ රැසක්ද සුන්බුන්වලට යටවී විනාශ වී ඇත.
මෙම අනතුරට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වාර්තා කිරීම තුර්කි රජය විසින් වළක්වන බවටද මාධ්‍ය වාර්තා පළ වෙයි.