තුර්කියේ වසර 16ක කාලයක් පාලනය කළ ඊජිප්තු ජනපතිගේ රෙසෙප් ටයීප් එර්ඩොගාන්ගේ පාලක පක්ෂයට මෙවර ප්රාදේශීය මැතිවරණවලදී එරට අගනුවර වන අන්කාරා හි බලය අහිමි වී තිබේ.
එමෙන්ම, එරට විශාලතම නගරය වන ඉස්තාන්බුල් හි නගරාධිපති ධුරයට විපක්ෂය වෙත හිමිව ඇති බව තුර්කි මැතිවරණ බලධාරීහු පවසති.
කෙසේ වෙතත්, ජාතික වශයෙන් ගැනීමේදී ජනපතිගේ ඒ.කේ.පී. සන්ධානය ප්රාදේශීය සභාවන්හි 51%ක ඡන්ද පදනමක් රැකගැනීමට සමත්ව තිබේ.
නමුත්, අගනගරය වන අන්කාරා සහ ඉස්තාන්බුල් නගරයේ මැතිවරණ ප්රතිඵලය මෙසේ වෙනස් කිරීමට විපක්ෂය සමත්වීම පාලක පක්ෂයට දැඩි අතුල්පහරක් බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.