තායිවානයේ කඳුකර ප්‍රදේශයකදී හමුදා හෙලිකොප්ටරයක් හදිසියේ කඩා වැටීමෙන් සිදුවූ අනතුරෙන් මියගිය පුද්ගලයන් 8 දෙනො අතර එරට හමුදා ප්‍රධානියාද සිටින බව තහවුරු වී තිබේ.
ජෙනරාල් ෂෙන් යී-මින්ග් සහ තවත් 12 දෙනෙකු බ්ලැක්හෝක් හෙලිකොප්ටරයේ ගමන් කරමින් සිටියදී තායිපේ අගනුවර ආසන්න අයහපත් කාලගුණය නිසා එය ගොඩබෑමට උත්සාහ කිරීමේදී අනතුරට පත්ව ඇත.
මීට පෙර වාර්තා වී තිබුණේ අනතුරෙන් ඇතමෙකු ජීවතුන් අතර සිටියත්, තවත් පිරිසක් හෙලිකොප්ටරයේ කැබලි යට සිරවී සිටින බවය.
ජෙනරාල්වරයා තායිවානයේ ඊසාන දෙසින් පිහිටි හමුදා කඳවුරකට පියාසර කරමින් සිටියදී මෙම අනතුරට ලක්විය.
අනතුර සිදුවන අවස්ථාවේදී තවත් ඉහළ පෙළේ හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු ද හෙලිකොප්ටරයේ සිටි බව වාර්තා වේ.
තායිවානයේ ගුවන් හමුදාව තවත් බ්ලැක් හෝක් හෙලිකොප්ටර් යානා දෙකක් සහ සොල්දාදුවන් 80 ක් පමණ වුලෙයිහි ටොංහෝ ක්‍රීක් අසලදී එම ස්ථානයට යවා ඇති බව මධ්‍යම පුවත් ඒජන්සිය වාර්තා කරයි.