තායිලන්තයේ හිටපු අග්‍රමාත්‍ය තක්ෂින් ෂිනවත්‍රා පවසා සිටියේ මෙවර පැවති මහ මැතිවරණයේ අක්‍රමිකතා රැසක්ව සිදුව ඇති බවයි.
2006 දී බලයෙන් පහරකරනු ලදුව එරට වත්මන් පාලක පක්ෂය විසින් අත්අඩංගුවට ගැනීමට සූදානම් බැවින් තමා විසින්ම රටින් පිටුවහල්ව හොංකොං හි රැඳී සිටින හිටපු ජනපතිවරයා බී.බී.සී.ය වෙත මෙම අදහස් පළ කර තිබේ.
2014 වසරේදී තක්ෂින්ගේ සහෝදරිය වූ යින්ග්ලක් ෂිනවත්‍රා බලයෙන් පහ කිරීමට එරට ක්‍රියාත්මක වූ හමුදා ආක්‍රමණයෙන් පසුව එරට පැවැත්වෙන ප්‍රථම මහ මැතිවරණය මෙයයි.
පූර්ව මැතිවරණ ප්‍රතිඵලවලට අනුව වත්මන් හමුදා පාලනය හෙවත් පී.පී.ආර්.පී පක්ෂය බහුතර ජනවරම මැතිවරණයෙන් ලබා සිටියද, තක්ෂින්ට සම්බන්ධතා ඇති පේහු තායි පක්ෂය මැතිවරණයේ වැඩි ආසන සංඛ්‍යාවක් දිනාගැනීමට සමත්ව තිබේ.
මේ තත්ත්වය තුළ කවර පක්ෂයක් මැතිවරණය ජයග්‍රහණය කළේද යන්න පිළිබඳව තවමත් මතභේදාත්මක වී ඇති අතර, මැයි මාසයේදී නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසුව සන්ධාන රජයක් පිහිටුවීම සඳහා පක්ෂ කටයුතු කරනු ඇති බව විශ්වාස කෙරෙයි.