තායිලන්තයේ පැවැත්වෙන මහ මැතිවරණයේ ප්‍රධාන ප්‍රතිවාදී පක්ෂ දෙකම සන්ධාන රජයක් පිහිටුවීම සඳහා උත්සාහ කරමින් සිටින බව කියයි.
මැතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් වීමට පෙර පාලක හමුදා පාලනය හෙවත් පී.පී.ආර්.පී පක්ෂය බහුතර ජනවරමක් දිනාගෙන ඇති බවට වාර්තා වුවත්, පාර්ලිමේන්තුවේ වැඩි ආසන සංඛ්‍යාවක් දිනාගැනීමට විරුද්ධ පක්ෂය හෙවත් පේවු තායි පක්ෂය සමත්ව ඇති බව වාර්තා වෙයි.
මේ අතර, ඉරිදා පැවති මැතිවරණයේ යම් යම් මැතිවරණ දූෂණ සම්බන්ධයෙන්ද චෝදනා එල්ල වන අතර, ඡන්ද ගණන් කිරීමේදීද දෝෂ සිදුවූ බව කියැවෙයි.
එමෙන්ම, මේ සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රකාශයක් නොකර නිල මැතිවරණ ප්‍රතිඵලය පමා කිරීම සම්බන්ධයෙන් තායිලන්ත මැතිවරණ කෝමිසම වෙතම චෝදනා එල්ල වෙමින් පවතී.