තායිලන්තයේ ගංවතුරට ලක් වූ ගුහාවක පිරිමි ළමයින් 12 දෙනෙකු සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු බේරාගත් ගලවා ගැනීමේ කණ්ඩායමේ සාමාජිකයෙකු එම මෙහෙයුමේදී ඇති වූ ආසාදනයකින් පසුගියදා ජීවිතක්ෂයට පත්ව තිබේ.
තායි නාවික හමුදා සීල් භටයෙකු වන සුළු නිලධාරි බේරූට් පක්බරා, තම් ලුආන් ගුහාවේදී බේරා ගැනීමේදී රුධිර ආසාදනයකට ලක්ව සිටියේය.
බේරූට් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටි නමුත් ඔහුගේ තත්ත්වය නරක අතට හැරී සිකුරාදා ඔහු මිය ගිය බව නිවේදනයක් නිකුත් කරමින් බලධාරීන් කීය.
මෙම මෙහෙයුමේදී තවත් තායි නාවික හමුදා සීල් භටයෙකු වූ සමන් ගුණන් මිය ගියේය.
හිටපු තායි නාවික හමුදා සීල් කිමිදුම්කරුවෙකු වූ සමන් ඔක්සිජන් ටැංකි බෙදාහරිමින් සිටි අතර ගුහා සංකීර්ණයෙන් පිටතට යමින් සිටියදී ඔක්සිජන් නොමැති වීමෙන් මියගොස් තිබුණි. පසුව ඔහුගේ පිළිමයක් ගුහාවේ දොරටුව අසල ඉදිකරන ලදි.