සයිප්‍රසයේ අයියා නාපා නුවරදී ඊශ්‍රායල තරුණයන් විසින් තමා සමූහ දූෂණයට ලක්කළ බවට බොරු ප්‍රකාශයක් කිරීම ගැන 19 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් වරදකරු වී තිබේ.
ජුලි මාසයේදී හෝටලයකදී තරුණ ඊශ්‍රායල ජාතිකයින් 12 දෙනෙකු විසින් තමන්ව සමූහ දූෂණයට ලක්කළ බවට වූ චෝදනාව ඉල්ලා අස්කර ගැනීමෙන් පසු ඇය අත්අඩංගුවට පත්විණි.
සිද්ධිය සම්බන්ධයෙන් බොරු පාපොච්චාරණයක් කිරීමට සයිප්‍රස් පොලීසිය තමන්ව යොදාගත් බව කාන්තාව පවසා තිබුණත් පොලීසිය මෙය ප්‍රතික්ෂේප කළේය.
ෆමගුස්ටා දිසා අධිකරණයේ විනිසුරුවරයා ඇයට දඬුවම් නියම කිරීම ජනවාරි 7දා දක්වා කල් තැබූ අතර, ඇය වසරක සිර දඬුවමකට හා ඩොලර් 1,500ක දඩයකට යටත් විය හැකි බව කියැවෙයි. කෙසේ වෙතත් ඇගේ නීතීඥයන් තීන්දුව සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කිරීමට සූදානම් වෙයි.