තමන්ව බේරාගත් වෙළෙඳ නැව පැහැරගත් සංක්රමණිකයන් අත්අඩංගුවට ගනිමින් එම වෙළෙඳ නැව යළි අත්පත් කරගැනීමට මෝල්ටා ආරක්ෂක අංශ සමත්විය.
එල්හිබ්ලූ 1 ලෙස හැඳින්වෙන මෙම වෙළෙඳ නැව මේ වනවිට මෝලටාවේ අගනගරය වන වොලෙට්ටා වරායේ නැංගුරම්ලා තිබේ.
ඒ අනුව, එහි සිටින 100කට ආසන්න සංක්රමණිකයන් පිරිස පොලීසිය භාරදී තිබේ.
මෙම සංක්රමණිකයන් ලිබියාව ආසන්න මුහුදේ පාවෙමින් සිටියදී මෙම වෙළෙඳ නැව විසින්ම ඔවුන් බේරාගෙන තිබුණු අතර, පසුව ඔවුන් වෙලෙඳ නැවේ තමන් භාරයට ගනිමින් නැව යුරෝපය කරා ගෙනයන ලෙස කපිතාන්වරයාට අණකර තිබේ.
ඒ අවස්ථාවේදී නෞකාවේ කපිතාන්වරයා සමග සබඳතා ඇති කරගත් මෝල්ටා ආරක්ෂක අංශ විශේෂ බලකාය, නාවික හමුදාව සහ ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා යොදාගනිමින් නෞකාව සිය භාරයට ගැනීමට කටයුතු කර තිබේ.