ඩේටින් ඇප් ලෙස ප්‍රකට විවිධ පුද්ගලයන් මුණ ගස්වන සුප්‍රකට ඇප් වැඩසටහනක් විසින් ජනප්‍රිය නිළියක වන ෂැරන් ස්ටෝන්ගේ ගිණුම අවහිර කර තිබේ.
කෙසේ වෙතත් අදාළ ඇප් වැඩසටහන පවසා තිබුණේ 62 හැවිරිදි වියේ පසුවන සිනමා තාරකාව මෙන් ව්‍යාජ ගිණුම් පිළිබඳ වාර්තා වී තිබූ නිසා මෙසේ එම ගිණුම අවහර කළ බවයි.
වර්ෂ 1992 බේසික් ඉන්ස්ටින්ක්ට් චිත්‍රපටයේ ප්‍රබල චරිතයක් වූ ඇය "ඔබලා මාව බැහැර කරනවාද?" යනුවෙන් පසුව සිය ට්විටර් ගිණුමේ පණිවුඩයක් තබා තිබුණි.
කෙසේ වෙතත්, අදාළ ඩේටින් ඇප් වැඩසටහන පසුව ඇයව නැවතත් සම්බන්ධ කර ගනිමින් ඇයගේ ගිණුමට යොදා තිබූ අවහිරය ඉවත් කර තිබූ බව කියැවෙයි.
ෂැරන් ස්ටෝන් 1980 සහ 1990 දශකවල ප්‍රසිද්ධියට පත් වූ අතර ටෝල්ට් රෙකෝල්, ද මයිටි සහ කැසිනෝ වැනි ජනප්‍රිය චිත්‍රපටවල පෙනී සිටි නිසාය.
දෙවරක් විවාහ වී ඇති ඇයගේ පළමු සැමියා වූයේ චිත්‍රපට නිෂ්පාදක මයිකල් ග්‍රීන්බර්ග් සහ 2004 දී දික්කසාද වූ මාධ්‍යවේදී ෆිල් බ්‍රොන්ස්ටයින් ය.
ආදරය සම්බන්දයෙන් ස්ටෝන් අතීතයේ සිටම ප්‍රසිද්ධියේ කතා කළ චරිතරයකි.