ඊජිප්තුවේ, මධ්‍යම මින්යා පළාතේ භූගතව සැකසූ කුටීරයක ටොලමියානු යුගයට අයත් මමී 40ක් හමුවී ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෙසේ හමුවූ මමී අතර, ළමයින් හා වැඩිහිටි පිරිමි හා කාන්තා මමී පවතින බවත්, ඒ සියල්ල විශේෂ මැටි ආවරණ හෝ විවෘතව බිම තැන්පත් කර තිබූ බවත් සඳහන් වෙයි.
මෙසේ සොයා ගැනුණු මමී එකල විසූ ධනේෂ්වර පවුලකට අයත් වන්නට ඇතැයි විශ්වාස කෙරෙන අතර, මමී සමග හමුවූ පැපිරස් කඩදාසි කැබැල්ලකට අනුව එය ටොලමියානු යුගයට අයත් බව තහවුරු කරගෙන ඇත.
සාමාන්‍යයෙන් ඉපැරණි ඊජිප්තුව තුළ මියගිය පුද්ගලයන් මමී ලෙස සැකසීම සාමාන්‍ය තත්ත්වයක් වුවත්, ටොලමිගේ යුගයේදී මමී සැකසීම සාමාන්‍යයෙන් විශේෂ අවස්ථාවක් ලෙස පුරාවිද්‍යාඥයෝ පෙන්වා දෙති.
මෙසේ හමුවූ මමී 40න්, 12ක් ළමයින්, 6ක් සතුන් සහ ඉතිරි සියල්ල වැඩිහිටි කාන්තා සහ පිරිමි මමී බවද පුරාවිද්‍යාඥයෝ වැඩිදුරටත් පවසති.