එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නීති කණ්ඩායම ඔහුට එරෙහි දෝෂාභියෝග චෝදනාවලට පළමු විධිමත් ප්‍රතිචාරය ලබාදෙමින්, එම නඩුව ප්රජාතන්ත්රවාදයට එරෙහි භයානක ප්‍රහාරයක් ලෙස විස්තර කර තිබේ.
එහිදී මෙම දෝෂාභියෝගයෙන් කිසිදු අපරාධයක් සම්බන්ධයෙන් චෝදනා කිරීමට අපොහොසත්ව ඇති බවත්, එය 2020 ජනාධිපතිවරණයට ඇඟිලි ගැසීමට ගත් නිර්ලජ්ජිත උත්සාහයක් බවත් නීතීඥවරු විස්තර කරති.
අදාළ විභාගය සඳහා අවශ්‍ය ලිපි ලේඛන ගොනුකිරීමත් සමග නීතිවේදීහු මෙම තර්ක මතුකළ අතර, නඩු විභාගයේ ආරම්භක ප්‍රකාශ ලබන සතියේදී ගැනීමට නියමිතව ඇත.
ඩොනල්ඩ් ට්‍රම්ප් දෝෂාභියෝග නඩු විභාගයකට මුහුණ දුන් ඉතිහාසයේ තුන්වැනි එක්සත් ජනපද ජනාධිපතිවරයා ය. බලය අයුතු ලෙස පරිහරණය කිරීම සහ කොංග්‍රසයට බාධා කිරීම යන චෝදනා ඔහුට එල්ල වී තිබේ. ඔහු මෙම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර ඔහුට එරෙහි නඩුව ප්‍රෝඩාවක් ලෙස හඳුන්වාදී තිබේ.