ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපති ධුරයට පත්වූයේ දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව බව ධවල මන්දිර මාධ්‍ය ලේකම් සාරාහ් සැන්ඩර්ස් ආගමික රූපවාහිනියකදී පවසයි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ක්‍රිස්තියන් බ්‍රෝඩ්කාස්ටින් නෙට්වර්ක් රූපවාහිනී නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්, ට්‍රම්ප් ධුරයේ රැඳීමට හේතුව එය බව අවධාරණය කර ඇත.
එමෙන්ම, ඩිමොක්රටික් පක්ෂයෙන් සදාචාරාත්මක පාඩමක් ඉගෙනීම ඉතා අසීරු කාර්යයක් බවද මෙම සාකච්ඡාවේදී ඇය පවසා තිබේ.
ජනපති ට්‍රම්ප් යෝජනා කළ මෙක්සිකෝ දේශසීමා තාප්පය පිළිබඳ යෝජනාව සදාචාරාත්මක නොවන්නක් බවට ඩිමොක්රටික්වරු චෝදනා කළහ.
ඇමෙරිකා එක්සත් ජනපදයේ එවැන්ජලිකන් ක්‍රිස්තියානි ප්‍රජාව ජනපති ට්‍රම්ප්ට ප්‍රබල සහායක් ලබාදෙන ප්‍රජාවකි.