වසර 25ක ඉතිහාසයේ ජපානයට බලපෑ ප්රබලතම සුළි කුණාටුව ලෙස සැලකෙන ජෙබී සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයන් 10 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම ප්‍රබල සුළි කුණාටුව හේතුවෙන් ජපානයේ බටහිර කලාපයට දැඩි හානි පමුණුවා ඇති අතර, ක්යෝතෝ සහ ඔසාකා නගරවලට ඉන් දැඩි බලපෑමක් සිදුව ඇති බවද කියයි.
ගුවන් යානා, දුම්රිය සහ පාලම්පාරු රැසක් සිය ගමනාගමනය අවලංගු කර ඇති අතර, ඔසාකා ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ මගීන් දහස් ගණනක් රැඳී සිටින බවද සඳහන් වෙයි.
සුළඟේ වේගය අඩු වෙමින් එය උතුරු ප්‍රදේශය වෙත ඇදී ගියද, ජනතාවට ගංවතුර සහ නායයෑම් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස අනතුරු ඇඟවීම් සිදුකර තිබේ.
මෙම අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 300ක් පමණ තුවාල ලබා ඇති බවද රජයේ වාර්තා පෙන්වා දෙයි.