ඉන්දුනීසියාවේ අගනුවර වන ජකර්තා හි අවම වශයෙන් වසර 24ක් පුරා අධික වර්ෂාපතනයක් ලැබීමෙන් පසු අවම වශයෙන් පුද්ගලයන් 21 දෙනෙකු මියගොස් තිබේ.
එරට කාලගුණ විද්‍යා හා භූ භෞතික විද්‍යා ඒජන්සිය පවසා සිටියේ නැගෙනහිර ජකර්තා හි ගුවන් තොටුපොළ පවතින ප්‍රදේශය වෙත දිනක් තුළ මිලි මීටර් 377ක් (අඟල් 14.8) ක වර්ෂාපතනයක් ලැබී ඇති බවයි.
අවම වශයෙන් 1996 සිට ඒජන්සිය විසින් සපයන ලද වාර්තා ආරම්භ වූ දින සිට මේ ආකාරයේ වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇති අවස්ථාව මෙයයි.
"අලුත් අවුරුදු දිනයේ ඇද හැලුනු වර්ෂාව ... සාමාන්‍ය වැස්සක් නොවෙයි" ඒජන්සිය සඳහන් කර තිබුණි.
මේ ආකාරයේ අසාමාන්‍ය වැස්සක් ඇතිවීමට හේතු වී ඇත්තේ මෝසම් සමය ඇතුළු සාධක කිහිපයක් මෙන්ම වාතයේ අධික ජල වාෂ්ප ප්‍රමාණයක් තිබීම නිසාවෙනි.
ධාරාණිපාත වර්ෂාවත් සමග අවම වශයෙන් පුද්ගලයින් 62,000ක් නගරයෙන් ඉවත් කර ඇති අතර, ඇතැම් දෙනා තම නිවෙස්වල වහළ මත දවස ගත කර තිබුණි.
මෙම වැසි තත්ත්වය සති අන්තය දක්වා පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, නැගෙනහිර ජකර්තා හි වෙනත් තැන්වල මි.මී.335ක් වාර්තා වූ අතර, තවත් නැගෙනහිරින් බෙකාසිහි මි.මී.259ක වර්ෂාපතනයක් ලැබී තිබුණි.