නැගෙනහිර චීනයේ රසායනික කර්මාන්ත ශාලාවක සිදුවූ ප්රබල පිපිරීමකින් පුද්ගලයන් 47 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් 90කට ආසන්න පිරිසක් දරුණු ලෙස තුවාල ලබා තිබේ.
මෙම පිපිරීමත් සමග මෙම කර්මාන්ත පුරයේ පිහිටි සෙසු කර්මාන්ත ශාලාවලටද ගිනි ඇවිලී ඇති බව ෂිංහුවා පුවත් ඒජන්සිය පවසයි.
මෙම පිපිරීම සිදුවන අවස්ථාවේදී රික්ටර් පරිමාණ 2.2ක භූ කම්පනයක් සිදුව තිබූ බව වාර්තා වන බව එරට භූ කම්පන පිළිබඳ අධිකාරිය පවසයි.
මෑත කාලයේදී කාර්මාන්ත ශාලා ආශ්රිතව චීනයේ සිදුවූ දරුණුතම ඛේදවාචකයක් ලෙස මෙය ඉතිහාසයට එක්වනු ඇත.
ටියාන්ජියායි රසායනික සමාගම විසින් පවත්වාගෙන යනු ලබන යැන්ග්චෙන්ග් කර්මාන්ත ශාලාවේ මෙම පිපිරීම සිදුව ඇති අතර, ෂිංහුවා පුවත් ඒජන්සියට අනුව පුද්ගලයන් 640 දෙනෙකු රෝහල්ගත කර තිබේ.