චීනයේ නව සේද මාවත ආයෝජන ව්‍යාපෘතිය සමග සම්බන්ධ වන ප්‍රථම සංවර්ධිත ආර්ථිකය බවට ඉතාලිය පත්වීම බටහිර ජාතීන්ගේ විමතියට හේතු වී තිබේ.
මේ යටතේ චීනය ගෝලීය වශයෙන් සිදුකරන ආයෝජන ව්‍යාපෘති සමග ඉතාලියද මෙම නව සේද මාවත වැඩසටහනට එක්වෙයි.
පසුගියදා රෝමයේ සංචාරයක නිරත වූ චීන ජනපති ෂී ජින්පිං, ඉතාලිය සමග නව ආයෝජන ගිවිසුම් 29කට අත්සන් කළ අතර, ඒවායෙහි සමස්ත වටිනාකම ඇ.ඩො.බිලියන 2.8කි.
මෙය අතීත සේද මාවත සිහි කරමින් චීනය යුරෝපයට යා කරන ව්‍යාපෘතියක් බවට පත්වනු ඇති බව කියැවෙයි.
කෙසේ වෙතත්, චීනය මේ ආකාරයෙන් යුරෝපා සංවර්ධිත රාජ්‍යයන් තුළද සිය ආධිපත්‍ය පැතිරවීම සම්බන්ධයෙන් යුරෝපා සංගමයට අයත් සෙසු රටවල මෙන්ම, ඇමෙරිකාවේදී දැඩි අවධානයක් යොමුව ඇති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.