මධ්‍යම ඝානාවේ බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් 50කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබේ.
එරට අක්රා අගනුවරට කිලෝමීටර් 430ක් උතුරින් වූ කිටම්පෝ නගරය ආසන්නයේදී මෙම අනතුර සිදුව තිබුණේ අද (22දා) අලුයම් කාලයේදීය.
මෙම බස් රථ අනතුරින් පසුව ඒවායෙහි සුන්බුන් අතර සිරවී සිටි පිරිස් මුදාගැනීම සඳහා සහන කණ්ඩායම්වලට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුව තිබූ බවද වාර්තා වෙයි.
අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථ දෙකෙහිම මගීන් 50 දෙනා බැගින් ගමන් කර ඇති අතර, අනතුරත් සමග එක් බස් රථයක් ගිනි ගැනීමෙන් මරණ සංඛ්‍යාව වැඩි වී තිබේ.