මධ්‍යම ඊශ්‍රායලයේ බ්‍රිතාන්‍ය - ඊශ්‍රායල් පවුලක් පදිංචිව සිටි නිවසකට ගාසා තීරයේ සිට එල්ල කෙරුණු රොකට් ප්‍රහාරයක් නිසා පුද්ගලයන් 7 දෙනෙකු තුවාල ලබා තිබේ.
ටෙල් අවීව් නුවරට කිලෝමීටර් 20ක් පමණ දුරින් පිහිටි මිෂ්මරේට් නම් ප්‍රදේශයට අලුයම් කාලයේදී මෙම ප්‍රහාරය එල්ල වී ඇත.
ගාසා තීරයේ සටන්කාමීන් සමග ඊශ්‍රායලය අවසන් වරට ගැටුම් ඇති කරගත් 2014 වසරින් පසුව ඊශ්‍රායලය වෙත මෙසේ රොකට් ප්‍රහාරයක් එල්ල වූ ප්‍රථම අවස්ථාව මෙයයි.
මෙම ප්‍රහාරයත් සමග ඇමෙරිකානු සංචාරයකට සූදානම්ව සිටි අගමැති බෙන්ජමින් නෙතන්යාහු මේ සම්බන්ධයෙන් දැඩි ප්‍රතිචාර දක්වන බව පවසා තිබේ.