ගෝලන් කඳුකරයේ ඊශ්‍රායල් ස්වෛරීත්වය හඳුනාගැනීම සඳහා කාලය උදාවී ඇති බවට ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කර ඇති ප්‍රකාශයක් සිරියාවේ දෝෂදර්ශනයට ලක්ව තිබේ.
ඇමෙරිකා එක්සත් ජනපදය ඊශ්‍රාලය වෙත අන්ඳ පක්ෂපාතීත්වයක් දක්වන බව එම ප්‍රකාශයෙන් ගම්‍ය වන බව සිරියාව පවසයි.
වර්ෂ 1967 දී ඊශ්‍රායලය විසින් සිරියාව සතුව පැවති ගෝලාන් කඳුකරය ආක්‍රමණය කළ අතර, පසුව වර්ෂ 1981 දී ජාත්‍යන්තරය පිළිනොගද්දී එය සිය රටට ඈඳා ගනු ලැබීය.
ඒ අනුව, ගෝලාන් කඳුකරය ආශ්‍රිතව තවදුරටත් තම හමුදා රඳවා ගැනීම ඊශ්‍රායලයේ බලාපොරොත්තුව වී තිබේ.
මේ අතර, ඇමෙරිකානු ජනපතිවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු දුරකථනයෙන් ඔහු අමතා ස්තූති කර ඇති බවද සඳහන් වෙයි.