දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටනේ ඉදිරි පෙළට තම දියණිය රැගෙන යාම එතරම් හොඳ ක්‍රියාවක් නොවේ යැයි ග්‍රේටා තුන්බර්ග්ගේ පියා පවසා තිබේ.
16 හැවිරිදි වියේ ග්‍රේටා පාරිසරික ගැටළු පිළිබඳව දැනුවත් කිරීම ඉදිරිපෙළ ක්‍රියාකාරිනියක ලෙස කටයුතු කරමින් සිටියාය.
නමුත් ඇගේ පියා වන ස්වන්ටේ තන්බර්ග් විදෙස් මාධ්‍ය වෙත පවසා තිබුණේ දේශගුණික විපර්යාසනයන්ට එරෙහි උද්ඝෝෂණ සඳහා තම දියණියගේ පාසල් කාලය මගහැරවීමට තමා සහාය නොදක්වන බවයි.
පාරිසරික ක්‍රියාකාරිනියක වූදා සිට ග්‍රේටා බොහෝ සතුටට පත්වූ බව ඔහු කියා සිටිත්, ඇය මුහුණ දෙන වෛරය ගැන ඔහු කනස්සල්ලට පත්ව සිටින බව ස්වෙන්ටේ තුන්බර්ග් පවසා සිටියේය.