කසකස්ථනායේ ගුවන් තොටුපොළක සිදුවූ ගුවන් අනතුරකින් යානයේ ගමන්ගත් පුද්ගලයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.
යානය අනතුරට පත්වන අවස්ථාවේදී එහි පුද්ගලයන් 98 දෙනෙකු රැදී සිටි බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
බෙක් එයාර් ගුවන් සේවයට අයත් යානය ඇල්මාටි ගුවන් තොටුපොළෙන් ගුවන්ගත වී සුළු මෙහොතකින් කඩා වැටී ඇත්තේ අද අලුයම් කාලයේදීය.
මෙම ගුවන් අනතුරින් තවත් පුද්ගලයන් 60කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවත්, ඒ අතර කුඩා දරුවන් පවා සිටින බවත් සඳහන් වෙයි.
කසකස්තානයේ විශාලතම නගරය වන අල්මාටි සිට අගනුවර වන නූර් සුල්තාන් දක්වා පියාසර කිරීමට තිබූ යානයක් මෙසේ අනතුරට පත්ව ඇත.
අනතුර සිදුවූ කලාපයේ දැඩි මීදුම් තත්ත්වයක් පැවති බවත් අනතුරට හේතුව නිවැරදිව තහවුරු කරගෙන නොමැති බවත් විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.