ඉන්දීය පාලනයේ පවතින කාශ්මීරයේ සිටින ඉස්ලාමීය ත්රස්තවාදීන් සමග සිදුවූ වෙඩි හුවමාරුවකදී ඉන්දීය හමුදා සාමාජිකයන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පුල්වාමා දිස්ත්‍රික්කයේ මෙම සටන හටගෙන තිබෙන අතර, පසුගිය 14දා ඉන්දීය ආරක්ෂක අංශ සාමාජිකයන් 40 දෙනෙකු මරාගෙන මැරෙන ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූයේද මෙම ප්‍රදේශයේදීමය.
මෙම ප්‍රහාරයත් සමග කාශ්මීරය යළිත් උණුසුම් ස්වරූපයක් ගෙන ඇති අතර. එය න්‍යෂ්ටික බලයෙන් සන්නද්ධ ඉන්දියාව හා පාකිස්තානය අතරද උණුසුම ඉහළ නංවා තිබේ.
ඉන්දීය හමුදා විසින් සැකකරුවන් සොයා සිදුකළ මෙහෙයුමකදී මෙම ප්‍රහාරය සිදුව ඇති අතර, එහිදී ත්‍රස්ත සාමාජිකයන් දෙදෙනෙකු සහ තවත් සිවිල් වැසියෙකුද ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙම ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම ජයීෂ්-ඊ-මොහොමඩ් ත්‍රස්ත සංවිධානය භාරගෙන ඇති අතර, ඔවුන් කාෂ්මීරයේ මුස්ලිම් පාලනයක් වෙනුවෙන් සටන් වදින සංවිධානයකි.
කෙසේ වෙතත්, මෙම ත්රස්තයන් ආරක්ෂා කරන බවට පාකිස්තානය වෙත එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව පාකිස්තානය පවසයි.