පාකිස්තානයේ පාලිත කාශ්මීරයේ හිම කුණාටුවට හසුවූ 12 හැවිරිදි දැරියක් පැය 18ක් හිම යට වැළලී සිටීමෙන් පසුව ඇය බේරාගැනීමට හැකිවී තිබේ.
තම නිවස හිම කුණාටුවට හසුව හිමෙන් වැසීගිය පසුව ඇය නිවසේ කාමරයක සිරවී සිට ඇති අතර, කිසිවෙකුත් නොපැමිණි විට තමා මියයනු ඇතැයි සිතුණු බවද පවසා තිබුණි.
නීලම් නිම්නය ආශ්‍රිතව පසුගිය දිනවල ඇති වූ හිම කුණාටු හා නායයෑම් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 74 දෙනෙකුවත් මිය යන්නට ඇති බව විශ්වාස කෙරෙයි.
හිමාලයානු කලාපය කාලගුණික විපත්වලට ගොදුරු වන අතර වර්තමාන මරණ සංඛ්‍යාව මෑත ඉතිහාසයේ ඉහළම අගයක් බව කියැවෙයි.
ඉන්දියාව පාලනය කරන කාශ්මීරය සහ ඇෆ්ගනිස්ථානයද මෙම අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව ඇති අතර, එහිදී පාකිස්තානය පාලනය කරන කාශ්මීරය සහ විශේෂයෙන් නීලම් නිම්නය වඩාත් දරුණු ලෙස පීඩාවට පත්ව තිබේ. එමෙන්ම අතුරුදන් වූවන් සෙවීමේ කටයුතු අඛණ්ඩව සිදුවන බව ඔවුහු වැඩිදුරටත් පවසති.