පාකිස්තානය පාලනය කරන කාශ්මීරයට පසුගිය දින තුන තුළ ඇති වූ හිම කුණාටු හා නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 62 දෙනෙකු මියගොස් තවත් බොහෝ දෙනෙකු අතුරුදන් වී තිබේ.
මෙම අයහපත් කාලගුණික තත්ත්වයෙන් කලාපයේ නීලම් නිම්නය විශේෂයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ අතර බොහෝ අය බලධාරීන්ගේ අනතුරු ඇඟවීම් හමුවේ ඉවත්ව තිබුණි.
මෙම ප්‍රදේශය කාලගුණික විපත්වලට නිරන්තරයෙන් ගොදුරු වන අතර මෙම හිම කුණාටු හා නායයෑම් තත්ත්වය මෑත ඉතිහාසයේ මාරාන්තිකම එකක් බව කියැවෙයි.
මෙම අයහපත් කාලගුණය නිසා පාකිස්තානයේ, ඉන්දියාවේ සහ ඇෆ්ගනිස්ථානයේ විශාල පිරිසක් දැනටමත් ජීවිතක්ෂයට පත්ව ඇත.
එහිදී පාකිස්තාන කාශ්මීරයේ වඩාත්ම පීඩාවට පත් ප්‍රදේශය වන අතර පුද්ගලයින් 62 දෙනෙකු මියගොස් කිහිප දෙනෙකු අතුරුදන් වී ඇතැයි පාකිස්තානයේ ජාතික ආපදා කළමනාකරණ අධිකාරිය පවසයි.
බොහෝ ස්ථානවල අඟහරුවාදා කාලගුණය යහපත් අතට හැරුණු නමුත් දරුණු ලෙස බලපෑමට ලක් වූ ප්‍රදේශ බොහොමයක් වෙත ගමනාගමනය අඩාල වී තිබේ.
පාකිස්තානයේ බලුකිස්තාන් පළාතේ කාන්තාවන් 12 දෙනෙකු සහ ළමයින් 7 දෙනෙකු ඇතුළු 20 දෙනෙකු මියගොස් තිබේ.
ඉන්දියානු පාලිත ජම්මු හා කාශ්මීරයේ පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.
ඇෆ්ගනිස්ථානයේ නිල සංඛ්‍යා දත්ත අනුව පසුගිය සති දෙක තුළ 24 දෙනෙකු මියගොස් 40 දෙනෙකු තුවාල ලබා ඇති අතර පසුගිය දින තුන තුළ බොහෝ තුවාල සිදුවී ඇත.
රටේ වඩාත්ම බලපෑමට ලක්වූ පළාත් වන්නේ හෙල්මන්ඩ්, කන්දහාර්, හේරත් සහ කාබුල් ය. ආරක්ෂක අංශ හා ස්වෙච්ඡා කණ්ඩායම් විසින් ගලවා ගැනීමේ මෙහෙයුම්වල තවදුරටත් නිරතව සිටියි.