ඔස්ට්‍රේලියාවේ ඊසානදිග ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය වෙත ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාවත් සමග ගංවතුර තත්ත්වයක් ඇති වී තිබේ.
මෙය සාමාන්‍යයෙන් මෝසම් වැසි වර්ධනය වන කාල සීමාවක් වුවත්, මෙවර වැස්සේ අසාමාන්‍ය වැඩිවීමක් දැකිය හැකි බව කාලගුණ අංශ පවසයි.
මෙය වසර 100ක ඉතිහාසය තුළ ක්වීන්ස්ලන්තයට බලපෑ වාර්තාගත වර්ෂාපතනයක් ලෙස සටහන් වී ඇත.
ඒ අනුව, ඊසානදිග ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමටද ඔස්ට්‍රේලියානු බලධාරීන් කටයුතු කර තිබේ.
ඔස්ට්‍රේලියාවේ එක් පැත්තක වාර්තාගත දැඩි උණුසුමක් පවතින වාතාවරණයක, තවත් පැත්තක වාර්තාගත වැස්සක් පැවතීම විශේෂ අවස්ථාවක් ලෙසද සැලකෙයි.