ලොව පුරා පාසල් රැසක සිසුන් දිනක් සිය අධ්‍යාපන කටයුතුවලින් ඉවත්ව කාලගුණ විපර්යාසවලට එරෙහි විරෝධතාවක් පැවැත්වීමට තීරණය කර තිබේ.
ඒ අනුව, ඉන්දියාව, දකුණු කොරියාව, ඔස්ට්‍රේලියාව සහ ඇමෙරිකාව යන රටවල සිසු සිසුවියන් දැනටමත් මෙම විරෝධතාව ආරම්භ කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
මේ ආකරයෙන් පාසල් පද්ධතියේ සිසු සිසුවියන් දියත් කරන දිනක විරෝධතාව රටවල් 100ක පමණ සිදුවනු ඇති බවත්, ස්වීඩන් පාර්ලිමේන්තුව ඉදිරිපිටට පැමිණ කාලගුණ විපර්යාසවලට එරෙහිව සතියක විරෝධතාවක් පැවැත්වූ ග්‍රේටා තන්බර්ග් සිසුවියගෙන් ලැබූ ආභාසය හා පන්නරය මෙම දැවැන්ත විරෝධතාවට මුල්වී ඇති බවත් කියැවෙයි.
මේ අතර, විද්‍යාඥයන් දැනටමත් පෙන්වා දෙන්නේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම වැළැක්වීම සඳහා දැඩි තීන්දු තීරණ රාජ්‍යයන් විසින් ගත යුතුව ඇති බවයි.