නවසීලන්තයේ ක්‍රිස්ට්චර්ච් හි මුස්ලිම් පල්ලි ද්විත්වයක සිදුවූ වෙඩි තැබීමට සතියක් ගෙවී යද්දී මියගිය පිරිස සිහිකර එරට මාධ්‍ය විසින් විනාඩි 2ක නිශ්ශබ්දතාවක් පවත්වා තිබේ.
ඊට සමගාමීව මුස්ලිම් දේවමෙහෙයක්ද පවත්වා ඇති අතර, අල්-නූර් පල්ලියේ සිදුවූ මෙම ආගමික වතාවත් සඳහා නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩේන්ද සහභාගී වී ඇත.
මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් 50ක් ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් විශාල පිරිසක් තුවාල ලැබීය.
ඔස්ට්‍රේලියානුවෙකු වන බ්‍රෙන්ටන් ටැරන්ට් නමැති 28 හැවිරිදි තරුණයා මෙම ප්‍රහාරය දියත් කර තිබුණු අතර, ඔහු සුදු ජාතික ශ්‍රේෂ්ඨත්වය වෙනුවෙන් පෙනී සිටින්නෙකු ලෙස සැලකෙයි.
මේ වනවිට අත්අඩංගුවේ පසුවන ඔහුට මනුෂ්‍ය ඝාතනයකට චෝදනා එල්ල වී ඇති අතර, ඉදිරියේදී ඔහුට එරෙහිව තවත් චෝදනා එල්ල වනු ඇති බව සඳහන් වෙයි.
කෙසේ වෙතත්, අධිකරණයට පැමිණි අවස්ථාවේදී මොහු ඉදිරි නඩු විභාගයන් සඳහා නීතීඥයන්ගේ සහායද ඉල්ලා නොමැති අතර, තමා විසින්ම තම නඩුවට කතා කරන බව පවසා ඇතැයි විදෙස් වාර්තා පවසයි.