නවසීලන්තයේ, ක්‍රිස්ට්චර්ච් හි මුස්ලිම් දේවස්ථාන දෙකක් ඉලක්ක කරමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය අරඹයා සිදුකරන විමර්ශන වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ නිවාස දෙකක් හදිසි පරීක්ෂාවකට ලක්කර ඇත.
පසුගිය සිකුරාදා සිදුවූ මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් 50 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් විශාල පිරිසක් තුවාල ලැබීය.
මෙම ප්‍රහාරය දියත් කළ ඔස්ට්‍රේලියානු ජාතික 28 හැවිරිදි බ්‍රෙන්ටන් ටැරන්ට් මේ වනවිට අත්අඩංගුවේ පසුවන අතර, ඔහුට මනුෂ්‍ය ඝාතන චෝදනා එල්ල වී තිබේ.
දැනට සිදු කරමින් පවතින පරීක්ෂණ අනුව ඔහු හුදෙකලාව මෙම ප්‍රහාරය මෙහෙයවා ඇති බව කියැවෙයි. මෙම සැකකරු සිඩ්නි නුවරින් උතුරට කිලෝමීටර් 600ක් දුරින් වූ ග්‍රැෆ්ටන් පළාතේ පදිංචිකරුවෙකි.
ඒ අනුව නිව් සවුත්වේල්ස් පොලීසිය විසින් සැන්ඩි බීච් සහ ලෝව්රන්ස් යන ප්‍රදේශවල නිවාස දෙකක් අද (18දා) උදෑසන හදිසි පරීක්ෂාවකට ලක්කර ඇත.
මෙම සෝදිසි මෙහෙයුම නවසීලන්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළ විමර්ශනයන්හි දිගුවක් බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.