කිර්ගිස්තානයේ ජනාධිපති සාදිර් ජපරොව්ට චීනයේ නිෂ්පාදිත සීනොෆාම් කොවිඩ්-19 මර්දන එන්නත එරට බිෂ්කෙක් අගනුවරදී විද ගනු ලැබූ බව ජනාධිපතිවරයා විසින්ම නිවේදනය කර තිබේ.
එන්නත විද ගැනීමෙන් අනතුරුව එන්නත් ලබාගන්නා ලෙස ජනාධිපතිවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.
"අද මට එන්නත ලැබුණා. සාවද්‍ය තොරතුරු විශ්වාස නොකරන්න" ජනාධිපති ජපරොව් පැවසීය.
සීනෝෆාම් එන්නත් මාත්‍රා මිලියන 1.2ක් ඔවුන් මිලදී ගෙන ඇති අතර, මාත්‍රා 300,000ක් චීනය විසින් පරිත්‍යාග කර තිබේ. එමෙන්ම ස්පුට්නික්-වී මාත්‍රා 20,000ක් මිලදී ගෙන ඇති අතර, මාත්‍රා 5,000ක් රුසියාව විසින් පරිත්‍යාග කළ බව ජනාධිපතිවරයා පැවසීය.
"අපට ලබාදුන් ආධාර සඳහා චීනයට සහ රුසියාවට අප ස්තුතිවන්ත විය යුතුයි" ජපාරොව් පැවසීය. "මගේ පවුලේ සියලුම සාමාජිකයන්ට දැනටමත් එන්නත් ලබාගෙන තිබෙනවා. මම සහ මගේ පුතා පමණයි, එන්නත් ලබා නොගෙන සිටියේ. අපි අද එන්නත ලබා ගත්තා."