ෆේස්බුක් වෙබ් අඩවිය හරහා අලෙවි කිරීමට සූදානම් කර සිටි කොමෝඩෝ ඩ්රැගන් සතුන් 5 දෙනෙකු සහ වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති තවත් සතුන් කිහිප දෙනෙකු ඉන්දුනීසියානු පොලීසිය භාරයට ගෙන තිබේ.
එරට නැගෙහිර ජාවා හි පොලිස් ප්රකාශක කියා සිටියේ, සෙමරන්ග් සහ සුරබයා යන ප්රදේශවලදී මෙම සිද්ධියට අදාළ පුද්ගලයන් 5 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.
මෙම උරගයන් ඇ.ඩො.1,400කට අලෙවි කිරීමට සූදානමින් සිට ඇති බව බලධාරීහු පවසති.
කොමෝඩෝ ඩ්රැගන් ලොව විශාලතම උරග විශේෂය ලෙස සැලකෙන අතර, ඔවුන් මීටර් 3ක් තරම් විශාලව වැඩෙයි.
ඉතා තියුණු දත් සහිත මෙම උරග විශේෂය විෂ සහිත සපා කෑම් සිදුකරන බවද කියයි. විශේෂයෙන්ම ඉන්දුනීසියානු දූපත් ආශ්රිතව මෙම සතුන් දැකිය හැකිය.