ඉතියෝපියානු ගුවන් සේවයට අයත් බෝයිං 737 මැක්ස් 8 යානයේ MCAS ගුවන් පාලන විශේෂාංගය ස්වයංක්රීයව ක්රියාත්මක වීම එහි අනතුරට හේතුව බව බලධාරීහු විශ්වාස කරති.
පුද්ගලයන් 157 දෙනෙකුට මරු කැඳවමින් පසුගියදා සිදුවූ මෙම අනතුර සම්බන්ධයෙන් සිදුකෙරෙන මූලික පරීක්ෂණ ප්රතිඵලය ලෙස ඔවුන් මෙසේ පවසයි.
මෙම Manoeuvring Characteristics Augmentation System (MCAS) ගුවන් පාලන විශේෂාංගය යනු ගුවන් යානයක යාන්ත්රික ක්රියාවලිය හදිසියේ අඩපණවීමක් වැළැක්වීම සඳහා සහාය වන්නකි.
කෙසේ වෙතත්, මෙම පරීක්ෂණ තොරතුරු සම්බන්ධයෙන් බෝයිං සමාගම අදහස් දක්වා නොමැති අතර, පරීක්ෂණ තවදුරටත් අඛණ්ඩව සිදුවන බව සඳහන් වෙයි.
මේ අතර, මීට මාස කිහිපයකට පෙර පසුගිය වසරේදී අනතුරට පත් ලයන් එයාර් ගුවන් සේවයට අයත් බෝයිං 737 මැක්ස් 8 යානයද අනතුරට ලක්ව තිබුණේ පෙරකී ගුවන් පාලක විශේෂාංගය ස්වයංක්රීයව ක්රියාත්මක වීමෙනි.