ඉරාන ආධාර ලබන ඉරාක සන්නද්ධ සාමාජිකයින් 25 දෙනෙකු ඝාතනය කළ එක්සත් ජනපද ගුවන් ප්රහාර ඉරාක අගමැති ඇඩෙල් අබ්දෙල් මහඩි විසින් හෙළා දැක තිබේ.
එක්සත් ජනපදයේ ඉරිදා ගත් ක්රියාමාර්ගය ඉරාකයේ ස්වෛරීභාවය උල්ලංඝණය කර ඇති බව මහඩි වැඩිදුරටත් පවසා තිබුණි.
කෙසේ වෙතත් මේ වාතාවරණය තුළ ඉරාකය දැන් එක්සත් ජනපදය සමග ඇති සම්බන්ධතාව සමාලෝචනය කළ යුතු යැයි අගමැතිවරයා පෙන්වා දුන්නේය.
එක්සත් ජනපද හමුදාව විසින් ඉරාකයේ පිහිටි තම කඳවුරුවලට පහරදීම සඳහා පළිගැනීමක් ලෙස කටයිබ් හිස්බුල්ලා සන්නද්ධ කණ්ඩායම් ඉලක්ක කරගෙන ඇති බව කියැවෙයි.
ඉස්ලාමීය රාජ්ය (ISIS) ත්රස්ත කණ්ඩායම සමඟ ගැටුමේදී ඇමරිකානුවන් ඉරාක රජයේ හමුදා සමග වසර ගණනාවක් එක්ව මෙහෙයුම් සිදුකර ඇත.
ඉරාක සන්නද්ධ හමුදාවන්ට එරෙහි ඇමරිකානු ප්රහාරය භයානක ප්රතිවිපාක ගෙන දෙන පිළිගත නොහැකි දරුණු ප්රහාරයක් ලෙස අගමැතිවරයා විස්තර කළ බව ඔහුගේ කාර්යාලය පැවසීය.
එමෙන්ම කටයිබ් හිස්බුල්ලා සාමාජිකයින්ට එරෙහි ගුවන් ප්රහාරය පිළිබඳව දැනුම් දීමට තමන් උත්සාහ කළ බවද අගමැති වරයා වැඩිදුරටත් සඳහන් කළේය.